Tuesday, March 19, 2024

General line - 0115112241

TNA පාර්ලිමේන්තුවේ කටයුතු කරන හැටි කියයි

පසන් වික්‍රමතිලක




තමන් තවදුරටත් විපක්ෂයේ අසුන් ගන්නා බවත් ආණ්ඩුවට එක් නොවන බවත් දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි පාර්ලිේම්න්තු මන්ත‍්‍රීවරයෙකු වන එස්. සිවමෝහන් පැවසුවේ කිසිවෙකුට හෝ ඒ පිළිබඳ විරෝධයක් ඇත්නම් විශ්වාසභංග යෝජනාවකින් එය ප‍්‍රකාශ කළ හැකි බවයි. 

මීළඟ පාර්ලිමේන්තු සභාවාරයේ දී දෙමළ ජාතික සන්ධානයේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මීට පෙර ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමක දී එස්. සිවමෝහන් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළා. 

විපක්ෂයේ අසුන් ගෙන සිටියත් දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නේ ආණ්ඩුව සමග සාමූහිකව බවට චෝදනාවක් පවතිනවා. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂයේ අසුන් ගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ඉකුත්දා කියා සිටියේ ද ඒ අනුවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ද එස්. සිවමෝහන් මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රශ්න කළා. තමන් දේශපාලන තීන්දු ගන්නේ තම අවශ්‍යතා අනුව මිස ඊට බලපෑම් කිරීමට වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට නොහැකි බවයි මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේ.