Tuesday, March 19, 2024

General line - 0115112241

ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් අගමැති හමු වී සාකච්ඡා කරයි

හේමන්ත කහවලගේ




ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන නීතිඥ ශිරාල් ලක්තිලක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නීතිඥ ශිරාල් ලක්තිලක මේ සඳහා සහභාගි වී ඇතැයිද දේශපාලන ආරංචි පැවසුවා. ආණ්ඩුවේ ඉදිරි කටයුතු සහ ඒවා මෙහෙයවන ආකාරය පිළිබදවයි මෙහිදි සාකච්ඡා වී ඇත්තේ.