Wednesday, April 24, 2024

General line - 0115112241

පළමු ශ්‍රේණියට දරුවන් නිල වශයෙන් ඇතුළත් කිරීම අද

නිශාන් ද සිල්වා




2019 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් නිල වශයෙන් ඇතුළත් කර ගැනීම අද (17) සිදු කෙරෙනවා.

රට පුරා ඇති රජයේ පාසල් ගණන 10,194ක්. ඒවායෙන් පාසල් 9,193ක ප‍්‍රාථමික පංති පැවැත්වෙනවා. සෑම වසරකම මෙම පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් තුන් ලක්ෂ 40,000ක් පමණ ඇතුළත් වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. 

මේ අතර 2019 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් නිල වශයෙන් ඇතුළත් කර ගැනීමේ රාජ්‍ය උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ, ගිරිඋල්ල ගනේගොඩ ප‍්‍රාථමික විද්‍යාලයේදීයි.

මීට සමගාමීව ‘‘ එකට වවමු - එකට වැඩෙමු’’ යන මැයෙන් රුක් රෝපණ වැඩසටහනක් ද සිදු කෙරෙනවා. පාසල් අවධියේදීම දරුවන් රුක් රෝපණය සඳහා නැඹුරු කරවීම මෙහි අපේක්ෂාවයි.