Wednesday, April 24, 2024

General line - 0115112241

කෝටි 06ක හෙරොයින් ත්‍රිරෝද රථයකින් මතුවෙයි




රුපියල් කෝටි 06කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු කඩුවෙල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළග තිබූ හෙරොයින් තොගය කිලෝග‍්‍රෑම් 05කට ආසන්නයි.

එම හෙරොයින් තොගය ත්‍රීරෝද රථයකින් ප‍්‍රවාහයන කරමින් සිටියදීයි ඔහු අත්අඩංගුවට ගැණුනේ.

මෙම පුද්ගලයා කඩුවෙල කොතලාවල සහ රාජගිරිය ඔබේසේකරපුර යන ලිපිනයන් දෙකක පදිංචිකරුවෙක්. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඊයේ (16) රාත‍්‍රියේ වැටලීම සිදු කෙරුණා.