Friday, April 19, 2024

General line - 0115112241

"කාබන් බද්දක් අය කළොත් ගාස්තුව ලබා ගන්න වෙන්නේ දෙමාපියන්ගෙන්" - පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයෙන් කියයි

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




වාහන සඳහා නියම කෙරුණු කාබන් බද්දට ත‍්‍රීරෝද රථ හිමිකරුවන් ද විරෝධය පළ කරනවා.

පරිසරය ආරක්ෂා කිරීම කාලෝචිත වුවත් බදු මගින් පරිසරය ආරක්ෂා කළ නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ. 

සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මේ බව සඳහන් කළා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයෙන් ද විමසීමක් කළා.

එහි සභාපති මල්ශ‍්‍රී ද සිල්වා පැවසුවේ "දුම් බද්දක් තියෙද්දී තවත් කාබන් බද්දක් අවශ්‍ය වන්නේ නෑ. මේ මොහොතේත් අපි අමාරුවෙන් තමයි මේ වෘත්තීය කරන්නේ. මේ බද්ද අය කළොත් ඒකත් අපිට දෙමාපියන්ගෙන් තමයි ලබා ගන්න වෙන්නේ." යනුවෙනි.

වාහන සඳහා පනවා ඇති කාබන් බද්ද වහාම ඉවත් කරන්නැයි පෞද්ගලික බස් හිමියන් ද මීට පෙර ඉල්ලීම් කළා.