Tuesday, April 16, 2024

General line - 0115112241

සුරතලයට ඇතිකළ සත්ත්වයෙකු ඉන්දුනීසියානු කාන්තාවකට මරු කැඳවයි (VIDEO)

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




vසුරතලයට ඇතිකළ කිඹුලෙකු විසින් කාන්තාවක් මරා දැමූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි කාන්තාවක්. අදාළ කාන්තාව සේවය කරන ස්ථානයේ සුරතලයට කිඹුලෙකු ඇති කර තිබෙනවා. ඒ නීතිවිරෝධී ලෙසයි.

කිඹුලාට ආහාර ලබා දීමට යාමේදී අදාළ කාන්තාව කිඹුලා රඳවා සිටි ස්ථානයට ඇද වැටී තිබෙනවා. එහිදී කිඹුලා විසින් අදාළ කාන්තාව මරා දමා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මේ ලෙසින් හැඳින්වෙන මෙම කිඹුලා කිලෝ 700ක පමණ බරකින් යුත් වන අතර බලධාරීන් විසින් කිඹුලා සත්ත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයට භාරදී ඇති බවයි විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ.