Thursday, April 25, 2024

General line - 0115112241

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ කොටි ත්‍රස්තවාදියෙක් ජර්මනියේදී අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




හිටපු ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ ඝාතනයට සම්බන්ධ එල්ටිටිඊ සංවිධානයට අයත් සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. එල්ටිටිඊ සංවිධානය විසින් 2005 වර්ෂයේදී ලක්ෂ්මන් කදිරගාමර් මහතාව ඔහුගේ නිවසේ පිහිටි පිහිනුම් තටාකය ආසනයේදී ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කරනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එවකට කොටි සංවිධානයට සම්බන්ධව සිටි බවට හඳුනාගෙන ඇති 39 හැවිරිදි නවනීදන් නමින් හඳුන්වනු ලබන පුද්ගලයෙක් බවයි එරට ෆෙඩරල් පොලිසිය සඳහන් කරන්නේ. ජර්මානු නීතියට අනුව සැකකරුගේ දෙවන නාමය හෙළි නොකිරීමට එරට ආරක්ෂක ඒකකය විසින් පියවර ගෙන ඇති බවයි AP පුවත් සේවය සඳහන් කරන්නේ.

නිරිතදිග ජර්මනියේ පිහිටි සැකකරු පදිංචිව සිටි නිවස පවා ඊයේ (16) දිනයේදී ජර්මානු ෆෙඩරල් ආරක්ෂක අංශ විසින් විශේෂ පරික්ෂාවකට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම සැකකරු කොටි සංවිධානයේ ඝාතනයන් මෙහෙයවූ කල්ලියක සාමාජිකයෙක් බවත් ඔහු හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීමට උත්සහ දරා ඇති බවයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවේ පසුවන සැකකරු කොපමණ කාලයක සිට ජර්මනියේ පදිංචිව සිට ඇත්ද යන්න ගැන මෙතෙක් කරුණු හෙළිවී නැහැ.