Thursday, April 25, 2024

General line - 0115112241

පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




වනාතවිල්ලුව පොලිස් වසමේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් සිවුදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශනයකදී හෙළි වූ කරුණු අනුව පුත්තලම වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේදී මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය සොයා ගැනීමට හැකිවී ඇත.

අක්කර 60 ක පමණ විශාලත්වයෙන් යුත් පොල්වත්තක මෙසේ වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලැබූ මෙම පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ට අමතරව ඩෙටනේටර් 100ක්, නයිට්‍රේට් ඇසිඩ් ලීටර් 120ක් (ලීටර් 20 බැගින්වූ කෑන් 6ක්),  පතොරම් තුවක්කුවක්, පතොරම් තොගයක්, සති කිහිපයකට සරිලන වියළි ආහාර සළාක, කුඩාරම් 02ක්, ලැප්ටොප් කම්පියුටර් ඇතුළු විද්‍යුත් කැමරා ඇතුළු උපකරණ කිහිපයක්ද ඇති බවයි වාර්තා වන්නේ.

සොයා ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය වර්ගය මේ දක්වා හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.