Saturday, April 20, 2024

General line - 0115112241

ගල්කිස්සේදී දුම්රියක ගැටී විදේශිකයෙක් මරුට

දිනුක් හේවාවිතාරණ




අලුත්ගම දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියක ගැටීමෙන් ඉතාලි ජාතිකයෙකු ඊයේ (17) සවස මිය ගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේදී. 

ගල්කිස්ස ද සේරම් පෙදසේ පිහිටි රන්වැලි හෝටලය ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඉතාලි ජාතිකයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.