Thursday, April 25, 2024

General line - 0115112241

යහපාලනයේ දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට පළමු පැමිණිල්ල පොහොට්ටුවෙන්

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීමට කොමිෂන් සභා පත් කිරීම මෙන්ම ඒවායෙන් අනාවරණ වන කරුණු අනුව වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමද වැදගත් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. යහපාලන රජයේ ගෙවුණු වසර 04ක කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත් කිරීමට ගත් කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මේ බව කියා සිටියා. 

 


නෙත් නිවුස් මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයෙන්ද මතය විමසා සිටියා. මේ, ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය අජිත් පී පෙරේරා.

 


නෙත් නිවුස් මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ මතය විමසා සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහගෙන්.

 


වත්මන් ආණ්ඩුවේ දූෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් තමන් සතු තොරතුරු කොමිසම හමුවට ඉදිරිපත් කිරිමට ඉදිරියේදී කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.