Friday, April 26, 2024

General line - 0115112241

බුද්ධගයාවේ අනුරුවක් ලෙසින් සද්ධර්මරාජ බුද්ධගයා ස්තූපය බුදු සසුනට

සජිත් තිලකරත්න/සමන්ත කුමාර




පේරාදෙණිය ශී‍්‍ර සුබෝධාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු බුද්ධගයාවේ අනුරුවක් වන සද්ධර්මරාජ බුද්ධගයා ස්තූප වහන්සේ බුදු සසුනට පූජා කිරීමේ පිංකම් මාලාව අදින් ආරම්භ වනවා.

ඒ, එළඹෙන ඉරිදා දිනට යෙදී ඇති දුරුතු පුර පසලොස්වක පොහෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකමට සමගාමීවයි.

පේරාදෙණිය ශී‍්‍ර සුබෝධාරාම විහාරස්ථ වාසී රාජකීය පණ්ඩිත පූජ්‍ය පේරමඩියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඒ පිළිබද මෙලෙස කරුණු දැක්වුවා.