Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න ජනපති මෛත්‍රී පිලිපීනයේ සහය ඉල්ලයි




ශී‍්‍ර ලංකාවට සහාය පළ කිරීමට පිලිපීන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ඉදිරියේදී එරට රජය කි‍්‍රයාවට නංවන සියළු වැඩසටහන්වලට සිය පාර්ලිමේන්තුවේ එකගතාව ප‍්‍රකාශ කරන බව පිලිපීන කතානායක ග්ලෝරියා අරෝයෝ පවසනවා. 

ඒ, එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග මැනිලා නුවර පැවති හමුවකදීයි. පිලිපීන ජනාධිපතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡුාවලදී දෙරටේ රාජ්‍ය තාන්ති‍්‍රක සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට සිදු කෙරුණු මැදිහත්වීම සම්බන්ධයෙන් සිහිපත් කළ ජනාධිපතිවරයා ඊට පිලිපීන පාර්ලිමේන්තුවේ සහාය අපේක්‍ෂා කරන බවද කියාසිටියා. 

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක් කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශී‍්‍ර ලංකාව ගෙනයන වැඩපිළිවෙලටද පිලිපීන රජයේ සහාය ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සදන් කරනවා.