Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය ගැන සුමතිගේ චෝදනාවට ජයන්ත ධර්මදාසගෙන් පිළිතුරු

මහේෂ් චතුරංග




තමන්ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයේ සභාපති ධුරය සදහා තරග කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවට තිලංග සුමතිපාල පාර්ශවය එල්ල කරන චෝදනාවලට මෙවර සභාපති ධුරය සදහා තරග කරන ජයන්ත ධර්මදාස පිළිතුරු ලබාදුන්නා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. 

 


සිය ඉදිරි සැලසුම් පිළිබදවද ජයන්ත ධර්මදාස එහිදී අදහස් පළ කළා.

 


මේ අතර පෙබරවාරි මස 7 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය පෙබරවාරි 21 වනදා දක්වා කල් දැමීමට කී‍්‍රඩා අමාත්‍යාංශය ඊයේ තීරණය කළා.