Tuesday, August 20, 2019
Hotline - 0770586666

'ප්‍රජාතන්ත්‍රවාදය හොරු අරන්' මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට බල කරන්න වියතුන් එක්වේ

3299Views

 

 

 

පළාත් සභා මැතිවරණ ඇතුලු මැතිවරණයන් කල් තැබීමේ උත්සාහයට එරෙහිව පවත්වන සම්මන්ත්‍රණයක් අද දින (18) සවස 3:30ට පමණ කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

මහ මැතිවරණ‍යක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කරනා මෙම සම්මන්ත්‍රණයට විවිධ ක්ෂේත්‍රයන්හි වියතුන් සහභාගී වේ.

'ප්‍රජාතන්ත්‍රවාදය හොරු අරන්' යන තේමාවෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට දේශකයන් ලෙස ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා, යුතුකම ජාතික සංවිධානය නියෝජනය කරමින් ගෙවිදු කුමාරතුංග මහතා, ආචාර්ය චරිත හේරත් මහතා, කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් දුමින්ද නාගමුව මහතා සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ විධායක සභික වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සහභාගී වේ.