Saturday, April 20, 2024

General line - 0115112241

සේනා දළඹුවා කුරක්කන් වගාවත් ගිල ගනියි

කාංචන ආරියදාස / එරමිනිගම්මන අශෝක




බඩඉරිඟු වගාවන්ට දැඩි ලෙස හානි කළ සේනා දළඹුවන් මේවනවිට කුරක්කන් වගාවටද බලපෑම් එල්ල කර තිබෙනවා. උතුරු මැද පළාතේ ප‍්‍රදේශ බොහෝමයක බඩඉරිඟු වගාවන් සේනා දළඹුවන් හේතුවෙන් විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම ප‍්‍රදේශවල කුරක්කන් වගාවට ද සේනා දළඹුවන් ව්‍යාප්ත වී ඇති බව ගොවීන් පැවසුවා. ඇලයාපත්තුව, පහළගම, වඳුරුපිටිය ඇතුළු ප‍්‍රදේශවල කුරක්කන් වගාවන් සේනා දළඹුවන් හේතුවෙන් විනාශ වී තිබෙනවා. 

සේනා දළඹුවන් හේතුවෙන් විනාශයට පත් වගා ප‍්‍රදේශ විශේෂ ආපදා ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය අද (18) දඹුල්ලේදී ප‍්‍රකාශ කළේ. මේ, එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න.