Friday, April 19, 2024

General line - 0115112241

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු සැලැස්මකට ගිවිසුම්




ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු සැලැස්මකට අද පිලිපීනයේදී අත්සන් තැබුණා. ඒ, පිලිපීනයේ ලොස්බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේදීයි.

මෙහිදී කෘෂිකර්මාන්තය කෙරෙහි ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා දැක්වූ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ බිම් පරිශ‍්‍රයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නමින් අද (18) නම් කෙරුණා. ජනාධිපතිවරයා එහිදී එරට පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ලොව විශාලතම සහල් ජාන බැංකුවද පිහිටා ඇත්තේ මෙම පර්යේෂණ ආයතනයේයි. නියගයන්ට, ජල ගැලීම්වලට ඔරොත්තු දිය හැකි අන්දමින් සහ විවිධ උෂ්ණත්වයන් තුළ බීජ රෝපණය පිළිබඳ ඉදිරිපත් කෙරුණු පැහැදිළි කිරීමකට ද ජනාධිපතිවරයා මෙහිදී සවන් දුන්නා.