Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්වේත පූජා පිංකම් මාලවට සමගාමීව ධර්ම දේශනය තව නොබෝ වෙලාවකින් (UPDATE)

සමන්ත කුමාර/දිල්ෂාන් තුෂාර




දුරුතු පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් පැවැත්වුණා. ඒ, ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්. නෙත් එෆ් එම් රේඩියෝව ද ශ්වේත පූජා පිංකම් මාලාව අද පවත්වන්නේ පේරාදෙණිය ශී‍්‍ර සුබෝධාරාම විහාරස්ථානයේදීයි. 

ඒ යටතේ තව නොබෝ වේලාවකින් පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන්ගේ වැඩමවීමෙන් ධර්ම දේශනයක් පැවැත්වෙනවා. පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන්ගේ වැඩවීමෙන් පැවැත්වෙන ගිතෙල් පහන් පූජාව ආරම්භ වන්නේ රාත‍්‍රී 08ටයි. 
 
.............................................................

ශ්වේත පූජා පිංකම් මාලවට සමගාමීව අමෙරිකානුවන් පිරිසක් බුදු දහම වැළඳගනී (UPDATE)

(20-01-2019 12:35)

අදට යෙදී ඇති වසරේ පළමු පොහොය දිනය වන දුරුතු පුරපසලොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා පිංකම් මාලාව අද (20) දිනය පුරා පේරාදෙණිය ශී‍්‍ර සුබෝධාරාම විහාරස්ථානයේදි පැවැත්වෙනවා.

ඒ යටතේ අද උදැසන සිට පිංකම් ගණනාවක් පැවැත්වුණා. අද රාති‍්‍රය දක්වා ධර්ම දේශණා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ඇතුළු පිංකම් රැසක් එම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම පිංකම් මාලාවට සමගාමීව අමෙරිකානු ජාතිකයන් පිරිසක් බුදුදහම වැළද ගැනීමද පේරාදෙණිය ශී‍්‍ර සුබෝධාරාම විහාරස්ථානයේදි අද සිදුවුණා.

ඒ පිළිබද තොරතුරු සඳහන් කළ අමෙරිකාවේ චිකාගෝ නුවර බ්ලූලෝටස් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සිරිසුජාත ස්වාමීන් වහන්සේගෙන් පෙන්වා දුන්නේ අමෙරිකානු ජනතාවට බුදුන්ගේ ධර්මය පහදා දෙන්නට මෙම අමෙරිකානුවන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවයි .

---------------------------

දුරුතු පුර පසලොස්වක පොහොය අද - ශ්වේත පූජා පිංකම් මාලාව පේරාදෙණිය ශී‍්‍ර සුබෝධාරාමයේදී

(20-01-2019 06:15)

 

දුරුතු පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා.

ලොව්තුරා අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් අද වැනි දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

ඒ පිළිබඳ කරුණු දැක්වූ ශී‍්‍ර ලංකා භික්‍ෂු විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශයේ කථිකාචාර්ය පූජ්‍ය වව්නියාවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ ශාසන ඉතිහාසයේ සඳහන් වන පරිදි ප්‍රථම වරට මහියංගනය ප්‍රදේශයට වැඩම කරන්නට යෙදුනු බවට සඳහන් වන බවයි. 

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනයේදී සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබදවද පූජ්‍ය වව්නියාවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ කරුණු දැක්වුවා.

සෑම පුරපසලොස්වක පොහොය දිනකම නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරාත් පේරාදෙණිය ශී‍්‍ර සුබෝධාරාම විහාරස්ථානයේදි පැවැත්වෙනවා.