Friday, March 29, 2024

General line - 0115112241

පාසල්වල අද සිට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් (PHOTOS)

රංජිත් රාජපක්ෂ/මාධව කුලසූරිය




මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අද (21) උතුරෙන් ආරම්භ වුණා. ඒ, උතුරේ පාසල් දරුවන්ගේ ද ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක මෙම වැඩසටහන අද සිට ලබන 28 වැනිදා දක්වා දිවයින පුරා ක‍්‍රියාත්මකයි.

එහි ආරම්භක දිනය වන අද උතුරු පළාතේ පාසල් දරුවන් එක් ලක්ෂ 50,000ක් මත්ද්‍රව්‍ය නිවාරණ ප‍්‍රතිඥාවක් ද ලබාදෙනවා.

මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මුලතිව් මුල්ලියාවේලි විද්‍යාලයේ දී අද පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර හැටන් කලාප අධ්‍යාපාන කාර්යයාලය යටතේ පාලනය වන ප්‍රධාන සිංහල සහ දමිළ පාසල්වලද මෙම වැඩසටහන අද සිදු කෙරෙනවා.

මේ යටතේ පාසල් ළමුන් මෙන්ම ගුරුවරුන්ද දැනුවත් කෙරෙනවා.