Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයේ සැකකරු නාලක සිල්වා නැවතත් රිමාන්ඩ්

එස්. දිනේෂ්




ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ලබන 30වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතික මර්සලින් තෝමස් නමැත්තා ද ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙහිදී නියෝග කෙරුණා.

මෙම ඉන්දීය ජාතිකයා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ හමුවීමට ගොස් ඇති බව ප‍්‍රකාශ කර ඇති බැවින් ඔවුන්ගෙන් ද මෙම සතිය තුළ ප‍්‍රකාශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ.

මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ රෝගී තත්ත්වයන්ට බන්ධනාගාර රෝහලේදී ප‍්‍රතිකාර ලබා දී ඇති බව බන්ධනාගාර අධිකාරීවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. එහිදී කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ වෛද්‍ය නිර්දේශය අනුව ඔහුට ප‍්‍රතිකාර අවශ්‍ය නම් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දෙන ලෙසයි.