Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු වෙනත් ක්‍රමයක් විද්වතුන් පෙන්වයි



නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට තිබෙන නමුත් එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ දැන් සිදුවන ක‍්‍රමයට වඩා වෙනස්ව බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (21) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි. 

නීතිඥ සුදර්ශණ ගුණවර්ධනද මෙම සංවාදයට එක්වුණා. ඔහු පැවසුවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා පොදු එකඟතාවකට එළඹිය නොහැකි නම් කළ හැකි සුදුසුම දේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම බවයි.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.