Friday, April 19, 2024

General line - 0115112241

ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ඉහළ යා හැකි බවට වාර්තා

හේමන්ත කහවලගේ/ඩිල්ෂාන් මඩවල




ලෝක වෙළද පොළේ ඉන්ධන මිල මෙම වසරේදී ඉහළ යා හැකි බවට ආර්ථික වාර්තා කිහිපයකින් අනාවැකි පළ වනවා.

අමෙරිකාව සිය ඛනිජ තෙල් නිෂ්පාදන වැඩි කිරීමට අපේක්‍ෂිතයි. ජපානය, ඉරාකය සමග ඛනිජ තෙල් ගණුදෙනු නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ඛනිජ තෙල් නිෂ්පාදන වැඩිවීම සම්බන්ධයෙන් ඔපෙක් සංවිධානයේ රටවල් ප‍්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්‍ෂිතයි.

ලෝක වෙළද පොළේ ඉන්ධන කෙරෙහි මෙම කරුණු තීරණාත්මකව බලපානු ඇති බව ආර්ථික වාර්තාවලින් පෙන්වා දී තිබෙනවා.

මේ වනවිට ලෝක වෙළද පොළේ බොර තෙල් අළෙවි වන්නේ බැරලයක් අමෙරිකානු ඩොලර් 55 ත් 60 ත් අතර මිළකටයි. එහෙත් ඔපෙක් සංවිධානයේ රටවල් අමෙරිකානු ඩොලර් 70 ත් 80 ත් අතර අගයක් බොරතෙල් බැරලයක් සඳහා අපේක්‍ෂා කරනවා.