Friday, March 29, 2024

General line - 0115112241

විශාල මෙන්ම විශේෂ නැවක් ප‍්‍රථම වතාවට හම්බන්තොට වරායට (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




සිමෙන්ති නිෂ්පාදනයේ දී යොදා ගන්නා අතිරේකයක් වන ලෝබොර මෙටි‍්‍රක් ටොන් 27,150ක් සහිත නෞකාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ තිබෙනවා.

මෙවැනි නෞකාවක් වරායට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි.

මීට පෙර ලෝබොර, කුඩා යාත‍්‍රා මගින් ගාලු වරායට රැගෙන ඒම සිදු කෙරුණද මෙවැනි විශාල නෞකාවක් හැසිරවීමට එහි ගැඹුර ප‍්‍රමාණවත් වූයේ නැහැ. එබැවින් මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇති අතර මේ වනවිට දකුණේ ක‍්‍රියාත්මක සිමෙන්ති නිෂ්පාදනයට වරාය හේතුවෙන් විශාල පහසුවක් සිදුව ඇති බව හම්බන්තොට වරාය බලධාරීන් පවසනවා.