Friday, April 19, 2024

General line - 0115112241

ගම සවිමත් කළ සංවෝදය නගරයටත්




ශ‍්‍රී ලාංකීය ජනතාවට වඩාත් කාර්යක්ෂම හා හෘදයාංගම මූල්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් අර්ථධර්ම කේන්ද්‍රය නො 45 රාවතාවත්ත පාර මොරටුව ලිපිනයේ පිහිටි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම නො 155, වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත කොළඹ 8 යන ලිපිනයෙහි ජනවාරි 17 වන දින සිට විවෘත කෙරුණා.

ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වූ සමාජයක් වෙනුවෙන් කැපවූ සාර්ථක ගමන් මගේ නව පරිච්ඡේදයක ආරම්භය මෙයින් සනිටුහන් බව බවයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්වා දෙන්නේ.

කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික ප‍්‍රජාව පෞද්ගලික හා රාජ්‍ය අංශයේ  සේවයේ නියුක්තිකයන්ගේ මූල්‍යමය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සර්වෝදය ප‍්‍රධාන කාර්යාල ශාඛාව සතියේ දිනවල රාත‍්‍රී 10දක්වා විවෘතව තැබීම සුවිශේෂ පියවරක්.

මූල්‍යමය අවශ්‍යතාවන් හා උපදෙස් සඳහා මේ මගින් රාජකාරී වෙලාවෙන් පසුව සේවාවන් හා උපදෙස් ලබාගැනීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව සියලුම මූල්‍ය අවශ්‍යතා සඳහා වෙන් වූ 1319 හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ඇමතුම් අංකයක්ද හදුන්වා දී තිබෙනවා. දිවයින පුරා විසිරී ඇති මධ්‍යස්ථාන 51 හරහා මේ සඳහාම කැපවූ කාර්යමණ්ඩලයක් ද යොමු කර සිටිනවා.

සර්වෝදය මූල්‍ය සමාගමේ  සේවකයන්ගේ දියුණුව හා සුවතාවය වෙනුවෙන්ද පහසුකම් ලබා දී ඇති අතර ඒ අතර ප්‍රධාන කාර්යාලය තුළ අංග සම්පූර්ණ ව්‍යායාම් මධ්‍යස්ථානයක් සහ තවත් පහසුකම් ක්‍රියාත්මක කර තිබෙනවා.

සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍රලාභී මුදල් සමාගමක් වන අතර  ප‍්‍රධාන විධායක නිළධාරී නිලන්ත ජයනෙත්තිගේ නායකත්වයද ශ‍්‍රී ලාංකේය ව්‍යාපාරික කේෂ්ත‍්‍රයේ ප‍්‍රවීන හා ප‍්‍රබල චරිතයක් වන සභාපති චන්න ද සිල්වාගේ මග පෙන්වීම යටතේ අඩිතාලම සකසා තිබෙනවා. 

සර්වෝදය මූල්‍ය සමාගමේ ඉදිරි ගමනට සුවිෂේශී දායකත්වයක් දක්වන අධ්‍යක්ෂක මණ්ඩලය වන  චන්න ද සිල්වා,  වෛද්‍ය වින්‍යා ආරියරත්න,   මසයෝශී යමෂිටා, රිචඩි වෝක්ස්, ශකිල විජේවර්ධන,  ෂෙවෝන් ගුණරත්න,  ආචාර්ය ජානකී කුරුප්පු, ක‍්‍රිස්ටෝපර් අම්රිට් කනගරත්න, චාමින්ද රාජකරුණා, යන විද්වත් මණ්ඩලයෙන් සමන්විත වෙයි. 

සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම ග‍්‍රාමීය ජනතාව නගා සිටුවීම සඳහා පදනම් වූ සර්වෝදය මූලධර්ම හා අර්ථධර්මයන් මගින් මෙහෙයවනු ලබනවා.

වසර 60 ක ඉතිහාසයකට හිමිකම් කියන සර්වෝදය සංගමය ශ‍්‍රී ලංකාව පුරා ගම්මාන 5000 කට අධික ප‍්‍රමාණයක් තුල ක‍්‍රියාත්මක වෙනවා.