Wednesday, April 24, 2024

General line - 0115112241

තමන් සතුව ඇති උපාය මාර්ගයක් රතන හිමි පෙන්වයි (UPDATE)




රට නිවැරදි මගට යොමු කිරීම සඳහා උපාය මාර්ගයක් තමන් සතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ඒ සඳහා පළමු කොට පාර්ලිමේන්තුවේ තීරක බලය හිමි කණ්ඩායමක් ගොඩනැගිය යුතු බවයි ඊයේ (23) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ කියාසිටියේ. 

ඒ වෙනුවෙන් ශී‍්‍ර ලංකා ජාතික මහා සභාව නමින් බලවේගයක් නිර්මාණය කරන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී කියාසිටියා.

(නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.)
 

----------------------------

සේනා දළඹුවන් ගැන රතන හිමි කතා කරයි

(24-01-2019 09:30)

 

සේනා දළඹුවන් ආනයනික බඩඉරිගු බීජ මගින් මෙරටට පැමිණි බවට ඇතමුන් සිදුකරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ඊයේ (23) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා. 

සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයේ පවතින ගැටළුවලට දේශීය පිළිතුරක් සොයා ගැනීම වඩාත් උචිත බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.