Wednesday, April 24, 2024

General line - 0115112241

වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් අතර උණුසුම් තත්ත්වයක් (UPDATE)

පසන් වික්‍රමතිලක/දිනුක් හේවාවිතාරණ




මේ වනවිට රාජගිරිය වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, අද (28) දිනයේ අත්සන් තැබීමට නියමිත වතු කම්කරු දෛනික වැටුපට අදාළ ගිවිසුමට විරෝධය පළ කරමින් එම පරිශ්‍රයේ වතු කම්කරුවන් ආරම්භ කර තිබෙන විරෝධයක් හේතුවෙන්.

මෙහිදී වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

--------------------------------

වතු කම්කරුවන් වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක (PHOTOS)

(28-01-2019 10:49)

 

වතු කම්කරු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් මේ වනවිට රාජගිරිය වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා.

ඒ, අද (28) දිනයේ අත්සන් තැබීමට නියමිත වතු කම්කරු දෛනික වැටුපට අදාළ ගිවිසුමට විරෝධය පළ කරමින්.

වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තීය සමිති අතර ඉකුත් සෙනසුරාදා පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වුණා. කෙසේවෙතත් ඊට එකඟ විය නොහැකි බව පවසමින් වතු වෘත්තීය සමිති කිහිපයක් එම විරෝධතාවට එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර සිය දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ද වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක යෙදී සිටිනවා.

 

---------------------------------------------------