Friday, April 26, 2024

General line - 0115112241

වතු නිවාස පෙළක් ගින්නට හසු වේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ




බගවන්තලාව රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේළියක අද (29) දහවල් ගින්නක් හට ගත්තා.

එම ගින්නෙන් වතු නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

වතු කම්කරුවන්ගේ දේපළ මෙන්ම අත්‍යවශ්‍ය ලියකිලිවිලි රැසක් ද ගින්නෙන් විනාශ වී තිබෙනවා. ගින්න අනෙක් වතු නිවාසවලට පැතිරයාම පාලනය කිරීම සඳහා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීම් ඒකකය දැඩි උත්සහයක් ගෙන කටයුතු කළා. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර පවුල් 12ක සාමාජිකයින් 40 දෙනෙකු මේ හේතුවෙන් අවතැන් වී සිටිනවා.