Friday, April 19, 2024

General line - 0115112241

'සේනා' මර්දනය කරන්නේ පාරිභෝගිකයින්ට තර්ජනයක් ඇති නොවන ලෙසයි



සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා ක‍්‍රම තෝරා ගැනීම ඉතා පරිස්සමෙන් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා. එසේ නොමැති වුවහොත් ඒ නිසා පාරිභෝගිකයින්ද තර්ජනයට ලක්විය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (30) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී මෙම කරුණු පැහැදිළි කෙරුණා. 

සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා වන මෙහෙයුමට නෙත් එෆ්. එම්. රේඩියෝව ලබාදෙන සහය පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.