Wednesday, April 24, 2024

General line - 0115112241

ටයර් මිළදී ගන්න පාරිභෝගිකයාට රක්ෂණයක්

මහේෂ් චතුරංග




ඒ. එම්. ඩබ්ලිව්. ටයර් මිලදී ගැනීමේ දී රුපියල් දෙලක්ෂ 50,000ක් වටිනා රක්ෂණාවරණයක් ලබාදීමට එම ආයතනය, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමග එක්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එම වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි කරන ඇසෝසියෙටඞ් මෝටර්වේස් පුද්ගලික සමාගමේ නිෂ්පාදන අධ්‍යක්‍ෂ ලසන්ත විජේවීර සඳහන් කළේ මෙම නව වැඩපිළිවෙල තුළින් සිය සමාගමේ ටයර් භාවිතා කිරීමේදී පාරිභෝගිකයින්ට අමතර සේවා සැළසෙන බවයි. සිය ටයර් භාවිතා කරන පාරිභෝගිකයෙක් යම් රිය අනතුරකට ලක් වුවහොත් අදාළ ටයර් ආශ්‍රිතව ඇති රැකවරණය ඔහුට හිමිවන බවද පෙන්වා දුන්නා. 

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි සේනක රාජපක්ෂ ද මෙම වැඩසටහන පිළිබඳ කරුණු පැහැදිලි කළා. එහිදී සඳහන් කෙරුණේ  අද රටේ සිදුවන අනතුරු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ක්‍රියාත්මක කළ බවයි.