Thursday, April 18, 2024

General line - 0115112241

සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රීපාද වන්දනාවට ලක්ෂ 2ක පිරිසක් පැමිණෙයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණ බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නිය සියළුම රථගාල් වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය-මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 05ක් පමණ දුරට එක් පසෙකට වන්නට ගාල් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර සති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ඊයේ (02) සිට ධාවනය වු විශේෂ දුම්රියෙන්ද ශ්‍රී පාදය කරුණා කිරිමට හැටන් දුම්රිය ස්ථානයට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියා.

එලෙස හැටන් දුම්රිය ස්ථානය වෙතට පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිම සදහා හැටන් ලංගම ඩිපොවෙන් බස් රථ ගණනාවක්ද ධාවනයට එක් කර ඇති බව අප වාර්තාකරු සදහන් කර සිටියා.