Friday, April 26, 2024

General line - 0115112241

අණ නොතකා ධාවනය වූ යතුරුපැදිකරුවන් අල්ලයි - එක් හිස්වැසුමක් විශේෂ අවධානයට (PHOTOS)

රංජිත් රාජපක්ෂ




කොළඹ ප්‍රදේශයේ යතුරුපැදි සංගමයක සමාජිකත්වය දරන තරුණයන් පිරිසක් නුවරඑලියේ සිට හැටන් හරහා කොළඹ දක්වා ධාවනය කරන අවස්තාවේ වටවල ප්‍රදේශයේ දී නතර කරන ලෙසට අණ කළ වටවල පොලිසියේ නිලධාරියෙකු යට කර තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.

පසුව එම තරුණයන් සිව්දෙනෙක් යතුරුපැදි හතරක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර තරුණයින් මේ මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එම සැකකරුවන් අදාළ යතුරුපැදි  සංගමයේ තවත් සාමාජිකයින් 50ක පමණ පිරිසක් සමග ඉකුත් 02 වැනිදා ශ්‍රීපාදස්ථානය වෙත පැමිණ පසුව නුවරඑළිය බලා පිටත්ව ගොස් තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව කොළඹ දක්වා ධාවනය කරවන අවස්තාවේ හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී යතුරුපැදිකරුවන් පරික්ණෂා කිරීමට හැටන් පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් අණ කර ඇති අතර, එම අණ නොතකා යතුරුපැදිකරුවන් කොළඹ දෙසට ධාවනය කර තිබෙනවා.

ඒ අවස්තාවේ වටවල පොලිසියට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් ලබාදුන් තොරතුර මත වටවල පොලිසිය ඉදිරිපිටදී  එම යතුරුපැදිකරුවන් නතර කිරිමට උත්සහ කළ බවයි වටවල පොලිසියේ ස්ථානාධිපති ලලිත් මහගෙදර කියා සිටියේ.

අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා වටවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් රත්නපුර, කිරුළපන, පිළියන්දල සහ මින්නේරිය යන ප්‍රදේශවල අවුරුදු 20ත් 25ත් වයස් කාණ්ඩවල පසුවන අය බවත් අනාවරණය වී තිබෙනවා.

එක් සැකකරුවෙකු පැළද සිටි ආරක්ෂිත හිස්වැසුමේ පොලිසියට අපහාස වන අයුරින් සටහනක් යොදා තිබු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මෙම සැකකරුවන්ව අණ නොතකා ධාවනය කිරිම, අපරික්ෂකාරි ලෙස යතුරුපැදි ධාවනය කිරිම, රාජකාරියේ නියැලි සිටි පොලිස් නිලධරියෙකුට තුවාල සිදු කිරිම යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.