Wednesday, April 24, 2024

General line - 0115112241

චන්දිමාල් ඉවතට : නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ දිමුත් කරුණාරත්නයි. නායකත්වයෙන් පමණක් නොව දකුණු අපි‍්‍රකාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් ද චන්දිමාල් ඉවත් කර තිබීම විශේෂත්වයක්. ඉකුත් ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ ටෙස්ට් තරග දෙකේ ඉනිම් 04දී ඔහුට රැස් කර ගත හැකි වූයේ ලකුණු 24ක් පමණයි. 

17 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතයෙන් දිල්රුවන් පෙරේරා සහ රොෂේන් සිල්වා ද ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට නවක කී‍්‍රඩකයින් වන  ඕෂධ ප‍්‍රනාන්දු, මොහොමඞ් ෂිරාශ් සහ ලසිත ඇඹුල්දෙණිය කැඳවීමටයි තීරණය කර ඇත්තේ. 

මෙරට පළමු පෙළ තරගවලදී දක්ෂතා දැක්වූ ඇන්ජලෝ පෙරේරා, කෞෂාල් සිල්වා සහ මිලින්ද සිරිවර්ධන ද දකුණු අපි‍්‍රකාවට එරෙහි ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. 

ශ‍්‍රි ලංකා - දකුණු අපි‍්‍රකා ටෙස්ට් තරගාවලිය පෙබරවාරි 13වනදා ආරම්භ වීමට නියමිතයි.