Saturday, April 20, 2024

General line - 0115112241

දෙදෙනෙක් හැර සියලු අලුත් මුහුණු ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න රටින් පිටවේ

කසුන් කැළුම්




දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සිව් දෙනෙකු අද (07) අලුයම එරට බලා පිටත්ව ගියා.

මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා,  ඕෂධ ප‍්‍රනාන්දු සහ මොහොමඞ් ශිරාස් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

එම තරගාවලිය සඳහා නම් කළ ඇන්ජලෝ පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය ඉදිරි දින කිහිපයේදී දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි. 

මෙම ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට එක්වන සෙසු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ඕස්ටේ‍්‍රලියාවේ සිට දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙවර දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් දිනේෂ් චන්දිමාල්, දිල්රුවන් පෙරේරා සහ රොෂේන් සිල්වා ඉවත් කිරීමටයි ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ. ඒ අනුව මෙම තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිමුත් කරුණාරත්නයි.

දකුණු අප‍්‍රිකානු තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක් පුහුණු තරගයක හෝ ලබා නොදීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ දෝෂ දර්ශනයට ද ලක්ව තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි වාර්තා වන්නේ. 

ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 13 වැනිදා ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිතයි.