Thursday, April 25, 2024

General line - 0115112241

යෝජිත ජාතික ආණ්ඩුවට එජාප පසුපෙළ සහයත් ඇති බව කියයි



යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ ඊයේ (06) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ද සාකච්ඡා කෙරුණා. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් මෙම යෝජනාවට විරෝධය ප‍්‍රකාශ කළද එම මන්ත‍්‍රීවරුන් මේ වනවිට ඊට සහය ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි වැඩසටහනට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි පැවසුවේ.

පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළා. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ආණ්ඩුවට කවුරුන් හෝ ප්‍රතිපත්ති කාරණයක් මත සහය දක්වන්නේ නම් ඔහුට ඇමතිධූර අවශ්‍ය නොවන බවයි. 

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂන රාජකරුණා ප‍්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීම පමණක්ම නොවන බවයි. 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මෙම ජාතික ආණ්ඩු යෝජනාවට සිය පක්ෂය කිසිදු සහයක් ලබා නොදෙන බවයි. එය පරාජයට කිරීමට විපක්ෂයේ සියලූ දේශපාලන පක්ෂවලට තමන් හා එක්වන ලෙස ඔහු ඉල්ලීමක් ද සිදු කළා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.