Thursday, April 25, 2024

General line - 0115112241

බ‍්‍රසීලයේ පාපන්දු පුහුණු සංකීර්ණයක ගින්නකින් දස දෙනෙකු මරුට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ‍්‍රසීලයේ රියෝ ද ජනයිරෝ අගනුවර පිහිටි පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට විශාලතම ජාත්‍යන්තර පාපන්දු කී‍්‍රඩා සමාජ අතරට අයත් පුහුණු මධ්‍යස්ථානයක මෙම ගින්න හට ගෙන ඇති බවයි.

ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර සිටින 06දෙනෙකු යොවුන් පාපන්දු කී‍්‍රඩකයින් වනවා. අනෙක් සිව්දෙනා පුහුණු මධ්‍යස්ථානයේ සේවය කළ සේවකයින් බව සඳහන්. ගින්නෙන් තවත් යොවුන් පාපන්දු කී‍්‍රඩකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව සොයා පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.