Thursday, March 28, 2024

General line - 0115112241

වෙනිසියුලාව, අමෙරිකානු ආධාර ප‍්‍රතික්ෂේප කරයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වෙනිසියුලානු වැසියන් හට ලබා දීම සඳහා අමෙරිකාව විසින් කොලොම්බියාවට රැගෙන ආ ආධාර ද්‍රව්‍ය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ස්වේච්ඡුා සේවකයින් පවසනවා. එහෙත් එම ආධාර රට තුළට ගෙන ඒමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි වෙනිසියුලානු ජනාධිපති නිකලස් මාදුරෝ පවසන්නේ.

ආධාර මුවාවෙන් සිය රටට එරෙහිව කුමන්ත‍්‍රණ මෙහෙයවිම අමෙරිකාවේ අරමුණ බව ද ජනාධිපති මාදුරෝ ප‍්‍රකාශ කළා. රට තුළ පවතින උග‍්‍ර දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ වෙනිසියුලානු වැසියන් මේ වනවිට පසුවන්නේ දැඩි ආහාර හිගයකට මුහුණ දෙමින්. ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය රැසක් ද අදාළ ආධාර තොගය තුළ අන්තර්ගත බවයි විදෙස් වාර්තා පැවසුවේ.