Saturday, April 20, 2024

General line - 0115112241

මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සුපිරි සාදයේ ජයාරූප සහ වීඩියෝව එලියට : නදිමාල් පෙරේරා එලියට (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉකුත් පෙබරවාරි 05 වෙනිදා ඩුබායි හිදී සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබූ පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් පවත්වන ලද සාදයේ ජයාරූප හා වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. 

එම ජයාරූප වල ගායක අමල් පෙරේරා සාදයට සහභාගිවී සිටින ආකාරය ද දැකගත හැකි වනවා. මේ අතර සාදය අතර වාරයේදී ඩුබායි මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් සිදුකරන ලද වැටලීමෙන් පසු මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගෙන තිබු ආකාරයේ දැක්වෙන නවතම ජයාරූප කිහිපයක්ද වනවා.

මේ අතර ඩුබායි හි බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටි මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් 08 දෙනෙක් මේ වන විට නිදහස් කිරීමට එරට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය අන්තර්ගත නොවූ බැවින්.

එලෙස නිදහස් කරන ලද පුද්ගලයින් අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිය සහ ගායක අමල් පෙරේරා ගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාද සිටින බවයි ඩුබායි සිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු 23 දෙනෙක් ගෙන් යුත් පිරිසක් හෙට (10) දිනයේදී එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.