Friday, April 19, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයා හමුවන තැන ගැන ට‍්‍රම්ප්ගෙන් අනාවරණයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා තමන් අතර දෙවන හමුව වියට්නාමයේ හැනෝයි නගරයේදී සිදු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට‍්‍රම්ප් මේ බව අනාවරණ කළා.

උතුරු කොරියානු නායකයා හමුවන්නේ වියට්නාමයේ කුමන නගරයේදී ද යන්න ජනාධිපති ට‍්‍රම්ප් නිල වශයෙන් අනාවරණ කළ පළමු අවස්ථාව මෙයයි. තමන් හා උතුරු කොරියානු නායකයා අතර දෙවන හමුව වියට්නාමයේ සිදුවන බවට ජනාධිපති ට‍්‍රම්ප් ඉකුත් අගහරුවාදා ප‍්‍රකාශ කළත් ඒ කුමන නගරයේදී ද යන්න මෙතෙක් ප‍්‍රකාශ කර තිබුණේ නැහැ. 

අමෙරිකාව වියට්නාම යුද්ධය ලෙසත්, වියට්නාමය අමෙරිකානු යුද්ධය ලෙසත් හඳුන්වන, වියට්නාමයේ පැවැති සිවිල් යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූයේ හැනෝයි නගරයයි. එම යුද්ධයෙන් සිවිල් වැසියන් ඇතුළු මිලියන ගණනක් ජිවිතක්ෂයට පත්වූ අතර පසුව වියට්නාමයට යළි නැගී සිටීමට සහය ලබා දුන්නේ ද අමරිකාව බවයි පැවසෙන්නේ.