Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රිකට් ගැටලු විසඳගන්න හතර දෙනාම සාකච්ඡා කරයි - සාකච්ඡාවේ ප්‍රතිඵල ක්‍රීඩා ඇමති හෙළිකරයි

කසුන් කැළුම්




ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පවතින අර්බුද සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ කි‍්‍රඩකයින් කිහිපදෙනෙකු සමග ඊයේ (09) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් එම සාකච්ඡාවට එක්ව සිටි බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා ‘‘නෙත් ස්පෝට්ස්මන්’’ වෙත කියා සිටියේ.

කී‍්‍රඩා අමාත්‍යාංශයේදී පැය 02කට අධික කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් කණ්ඩායමේ පවතින ගැටලූ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් දක්වා තිබෙනවා.

නායකත්වය සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිවූ ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ද සුහදව එහිදී අදහස් දැක්වූ බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා පැවසුවේ.

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ පවතින ගැටලූකාරී තත්ත්වයන් විසඳා ගත යුතු බව කී‍්‍රඩා අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් යොවුන් කී‍්‍රඩකයින්ට ආදර්ශයක් වන අයුරින් කටයුතු කළ යුතු බව ද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පෙන්වා දී තිබෙනවා.  

දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට පෙර ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් සමග යළි සාකච්ඡාවක් පවත්වන බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. 

මේ අතර කණ්ඩායමේ එකමුතුකම පවත්වාගෙන යා හැකි කී‍්‍රඩකයෙකුට කි‍්‍රකට් නායකත්වය ලබා දීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව නෙත් ස්පෝට්ස්මන් ඊයේ (09) අනාවරණ කළා.