Tuesday, April 23, 2024

General line - 0115112241

මදූෂ්ගේ පාසල් සගයෙකු වූ 'පාර්ලිමේන්තු මන්ත්‍රි' මදූෂ් ගැන කතා කරයි

අරුණ කැළුම්




පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව සැළකෙන මාකඳුරේ මදූෂ් පිළිබඳව මාතර මාකඳුර් පැවැති ජන හමුවක එක් වීමෙන් අනතුරු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්තන තමාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව අදහස් පළ කළා.

එහිදී “සාම්ප්‍රදායික දේශපාලනඥයන් වගේ මම කුඩුකාරයන් හදන්නවත් පාතාලය හදන්නවත්, මිනීමරුවත් හදන්නවත් මට ඕන නැහැ. මට පුළුවන් වුණොත් මනුස්සකම පිරුණූ මිනිසුන් ටිකක් හදන්න මම උත්සාහ ගන්නවා.. හදවතින්ම. මදූෂ් වගේම මගේ යාළුවන්ගේ හැම ගෙදරකටම මම යනවා. මේ හැම දෙනාම මගේ යාළුවන්. මදූෂ් ඉස්කෝලේ ගියේ මට වඩා අවුරුදු හතරකට කලින්. හැමෝගේම ගෙවල්වලට මම හැමදේකට යනවා. මට මදූෂ්ව අවස්ථා දෙකකදී හමු වුණා. එක වාතාවක දී ඉස්කෝලෙ දී. පස්සේ 2007 අවුරුද්දේ දී කඹුරුපිටියේ දී දැක්කා. ඒ අවස්ථා දෙකේදී හැර මගේ ජිවිතයේ කිසිදාක හමුවෙලා නැහැ ඔහුව. හමු වෙන්න උවමනාවකුත් ඇති වෙලා තිබුණේ නැහැ. කඹුරුපිටිය, මාතර මිනිසුන් දන්නවා මම ඇසුරු කරන්නේ කවුද කියලා." යනුවෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්තන පැවසුවා.

"මධුෂ් එක්ක සම්බන්ධ වීම ගැන විවිධ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විවිධ කතා තිබුණා. මිනිහෙක් මැරුණාම මට ඒ ගෙදර යන්න බැහැ නේ... ඒ ගෙදර ගියාම මම ව්‍යපාරයක් පටන් ගෙන තියෙන්නේ ඒ අපරාධකාරයාගේ සල්ලිවලින් කියලා.... අපරාධකාරයන්ට උදව් කළ නිසා තමයි ඒ මළ ගෙදරට ගියේ කියලා මඩ ගහනවා. මනුස්සයෙක්ගේ මළ ගෙදරට යන්න මට අපරාධකාරයා අදාළ වෙන්නේ නැහැ. එහෙමනම් ඒ මිනිය එම්බාම් කරපු මිනිහත්, පංශුකූලය දුන්නු හාමුරුවොත් වැරදියි. මේ මහ පොළවත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් වැරදියි."  යනුවෙන්ද සඳහන් කළා.