Friday, March 29, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යයේ පිලිප් කුමරු රියදුරු අසුන අත්හරියි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු ස්වේච්ඡාවෙන්ම සිය රියදුරු බලපත‍්‍රය භාර දුන් බව බකින්හැම් මාලිගය නිවේදනය කළා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඉකුත් දා සිදුවූ රියඅනතුරකින් පසු පොලීස් උපදෙස් මත පිලිප් කුමරු සිය රියදුරු බලපත‍්‍රය පොලීසියට භාර දී ඇතත් එය යළි භාර ගෙන නොමැති බවයි.

97 හැවිරිදි වියේ පසුවන පිලිප් කුමරු ආසන පටි නොමැතිව රිය ධාවනය කිරීමේදී ඔහුගේ මෝටර් රථය වෙනත් මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.

සිද්ධියෙන් කාන්තාවක් තුවාල ලැබූ අතර පසුව පිලිප් කුමරු ඇයගෙන් පෞද්ගලිකව සමාව අයැද සිටි බව ද සඳහන්.