Saturday, April 20, 2024

General line - 0115112241

මදූෂ් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටීමට ගිය නීතිඥවරුන්ට එරටදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙයි

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය නීතිඥවරුන් පිරිසට එරටදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව ශී‍්‍ර ලංකා නීතිඥයින්ගේ සංගමයේ හිටපු ලේකම් නීතිඥ අමල් රන්දෙණිය පවසනවා. ඩුබායි අධිකරණය හමුවේ නීතිඥවරයෙකුට පෙනී සිටිමට හැකි වන්නේ එරට නීති යටතේ පමණක් බවයි ඔහු පැවසුවේ.

මාකදුරේ මදුෂ් ගේ නීතිමය කටයුතු වෙනුවෙන් නීතීඥ උදුල් පේ‍්‍රමරත්න ඇතුළු නම් දැරූ නීතිඥවරුන් හය දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව නෙත් නිවුස් ඊයේ (10) වාර්තා කළා.

මේ අතර හෙරොයින් ජාවාරම් සහ අපරාධ රැසකට සම්බන්ධ මාකදූරේ මදුෂ් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අනුව දිවයිනට ගෙන්විය හැකිද යන්න පිළිබඳවද නීතිඥ අමල් රන්දෙණිය පැහැදිලි කළා.

(එම හඬපටය පහතින් අහන්න)