Friday, April 26, 2024

General line - 0115112241

අලුත් පක්ෂයකට සාකච්ඡා - ලකුණ මාළුවා

දිනසේන රතුගමගේ




උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ජී. නඩරාජා විසින් නව දෙමළ දේශපාලන පක්ෂයක් බිහි කිරීම සඳහා වව්නියාවේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ලංකා ප‍්‍රගතිශීලි පෙරමුණ නමින් එම පක්ෂය නම් කිරීමටයි තීරණය වී ඇත්තේ. එම පක්ෂයේ සලකුණ ලෙස ‘‘ මාළුවා’’ තෝරාගෙන තිබෙනවා.

එම පක්ෂය පිළිබඳ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වෙන අතර එහිදී මධ්‍යම කාරක සභාවක් පිහිටුවා ගැනීම සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වීම ද සිදු කිරීමට නියමිතයි. පසුව නව පක්ෂය ලියාපදිංචි කරන බවයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ජී. නඩරාජා පැවසුවේ.