Saturday, April 20, 2024

General line - 0115112241

කාබන් පරීක්ෂාවට යැවූ අස්ථි කොටස් පිළිබඳව අමෙරිකාවෙන් ඊමේල් පණිවුඩයක් 

දිනසේන රතුගමගේ




කාබන් පරීක්ෂාව සඳහා අමෙරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරය වෙත යවන ලද මන්නාරම සමූහ මිනී වළෙන් ගොඩ ගත්  අස්ථි කොටස් පිළිබඳ වූ වාර්තාව අපේක්ෂිත දිනයට ලබා දිය නොහැකි බව දැනුම් දී තිබෙනවා.

මන්නාරම දිසා අධිකරණයේ ඊමේල් ලිපිනය වෙත පණිවුඩයක් යොමුකොට ඇති අමෙරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරය දැනුම් දී ඇත්තේ කාබන් වාර්තාව  නිකුත් කළ හැක්කේ මේ මස 14 වෙනිදායින් පසුව බවයි.

මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි කොටස් 300 න් තෝරා ගත් සාම්පල් හයක් පසුගිය ජනවාරි මස 23 වෙනිදා මන්නාරමේ සිට කොළඹට රැගෙනවිත් ගුවන් මගින් අමෙරිකාවට යවන ලද අතර එම මිනිස් ඇටසැකිළි සාම්පල හය ජනවාරි මස 25 වෙනිදා  ඇමරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරය වෙත ලැබී තිබුණා.

මේ පිළිබදව මුලින්  අදහසක් දැක්වූ එම රසායනාගාරය ප්‍රකාශ කොට තිබුණේ පෙබරවාරී මාසයේ දෙවන සතියේදී අදාල වාර්තාව ලබා දිය හැකි බවයි.

නමුත් මන්නාරම දිසා අධිකරණය වෙත එවන ලද ඊමේල් පණිවුඩයේ සදහන්ව ඇත්තේ කාබන් වාර්තාව ලබා දීම මේ මස 14 වැනිදායින් පසුව දිනක සිදුවන බවයි.

ඊට හේතුව සඳහන් කර නොමැති බවද වාර්තා වෙනවා.