Thursday, March 28, 2024

General line - 0115112241

මදූෂ් සමග සබඳතා පැවැත් වූ 07ක් සොයා මාතර මෙහෙයුමක්

ලහිරු කපුගේ




ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකදුරේ මදුෂ් සමග සමීප සබඳතා පැවැත්වූ පාතාල කල්ලි සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ මාතර සහ ඒ අවට මෙහෙයුම් ක‍්‍රියාත්මක බවයි. 

මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මදූෂ්ගේ ගෝලයින්ගෙන් ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම් ද ආරම්භ කර තිබෙනවා. මාකඳුරේ මදූෂ් ප‍්‍රමුඛ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජාලය සතුව ඇති ගිනි අවි සහ අවි ආයුද සොයා ද මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. 

ඉකුත් 08 වැනිදා මාකඳුරේ මදූෂ්ගේ ගෝලයෙකු වන ‘‘ජංගා’’ නමැත්තා ගන්දරදී අත්අඩංගුවට ගැණුනා. ඒ, හමුදා නිල ඇඳුම් කට්ටල 18ක් සහ T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 26ක් ද සමගයි. මදූෂ් සමග සබඳතා පැවැත්වූ තවත් දෙදෙනෙකු ඊයේ (10) සූරියවැව විහාරගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. 

මේ අතර මාකඳුරේ මදුෂ්ට විදේශගත වීමට සහය ලබාදුන් ශිවා නැමැති පුද්ගලයා ද සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.