Friday, March 29, 2024

General line - 0115112241

මරණ දඬුවමට එල්ලූම් ගහ සූදානම් කිරීම ඇරඹෙයි

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ තිබෙන එල්ලූම් ගහේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට යොදා ගැණෙන කඹයේ ප‍්‍රමිතිය පිළිබඳ සොයා බැලීම සඳහා එය ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එම කඹය සුදුසු තත්ත්වයේ නොමැති නම් නව කඹයක් විදෙස් රටකින් මිල දී ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.

දැනට පවතින කඹය පාකිස්තානයෙන් ගෙන්වා ඇති අතර එය මේ වනවිට වසර 12ක් පමණ පැරණි එකක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර අලූගෝසු තනතුර සඳහා අයදුම්පත් භාරගැනීම ද ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ලබන 25 වැනිදා තෙක් ඊට අයදුම්පත් යොමු කළ හැකියි. ඉදිරි මාස 02 තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා ස්ථීරවම මරණ දඬුවම ලබාදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.