Tuesday, April 23, 2024

General line - 0115112241

පහරදීම සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි අත්අඩංගුවට ගැනීමට සැරසෙයි

හේමන්ත කහවලගේ




පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලිසිය කථානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

කිසියම් මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නේ නම්, මන්ත‍්‍රී වරප‍්‍රසාද යටතේ කථානායකවරයා දැනුවත් කළ යුතුයි.

ඒ අනුවයි බණ්ඩාරවෙල පොලිසිය, කථානායකවරයා වෙත අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ.

මේ අතර පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා විසින් පහරදුන් බව පවසමින් චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයාගේ රියදුරා ද දියතලාව රෝහලට ඇතුළත් වී තිබෙනවා.  

ඊයේ (10) රාත‍්‍රියේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසළ දී  පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහර දී තිබුණා. ඒ, පොලිස් නිලධාරියා පැමිණි ජීප් රථය, මන්ත‍්‍රීවරයා පැමිණි ජීප් රථය පසුකර යාම හේතුවෙන් ඇති වූ බහින්බස්වීමකින් පසුවයි.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප‍්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල රොහලට ඇතුළත් කෙරුණා. ඔහු පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා සමග සිටි සියලූ පුද්ගලයින් තමන්ට පහරදුන් බවයි.