Friday, March 29, 2024

General line - 0115112241

දකුණේ මහජන නියෝජිතයින් ඩුබායි අත්අඩංගුවේ සිටිනවාදැයි සොයයි

රවින්ද්‍ර චන්ද්‍රලාල්




දකුණු පළාතේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු 03ක් ස්ථාපිත කිරීම ප‍්‍රමාදවීම හේතුවෙන් දකුණේ පාතාල කල්ලි වර්ධනය වූ බව පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසනවා. ගාල්ල ගිංතොට ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අතර දකුණේ මහජන නියෝජිතයින් සිටින බවට පළවන වාර්තා අසත්‍ය බවයි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පැවසුවේ. 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න ද මෙම උත්සවය ඇමතුවා. ඔහු එහිදී කියා සිටියේ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් මහනුවර ප‍්‍රදේශයේද ස්ථාපිත කළ යුතු බවයි.