Saturday, April 20, 2024

General line - 0115112241

ඝාතනයකට වරදකරුවූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

අධිකරණ වාර්තාකරු




කැලණිය ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මගින් අද (11) මරණ දඬුවම නිකුත් කළා. 2000 වසරේ කැළණිය බොල්ලෑගල ප‍්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව තිබුණේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන්. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණා. එහි එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු ශශී මහේන්ද්‍ර අද නියෝග කළ අතර අනෙක් පුද්ගලයා හට මරණ දඬුවම නියම කෙරුණා. මෙලෙස මරණ දඬුවම හිමිවූයේ කැලණිය බොල්ලෑගල ප‍්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු හටයි.