Thursday, March 28, 2024

General line - 0115112241

කිලෝ 03ක පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු මන්නාරමේදී නාවික හමුදා අත්අඩංගුවට




ජෙලට්නයිට් කිලෝ ග‍්‍රෑම් 03ක් සන්තකව සිටි පුද්ගලයෙකු මන්නාරම සවුත්බාර් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා නිළධාරීන් පිරිසක් සහ මන්නාරම පොලීසිය එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගැනුනු පුද්ගලයා සතුව තිබූ ආරක්ෂිත වෙඩි නූල් 19ක් සහ විද්‍යුත් නොවන ඩෙටනේටර් 19ක්ද පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. සැකකරු 36 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි නාවික හමුදාව පැවසුවේ.