Friday, March 29, 2024

General line - 0115112241

පොලිස් නිළධාරියාට පහරදුන් මන්ත්‍රී රියදුරා රිමාන්ඩ්

දිනුක් හේවාවිතාරණ




එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජයසිරි ගේ රියදුරා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.

ඒ ඊයේ (10) දිනයේදී මන්ත්‍රිවරයා ගමන් ගත් වාහනයට ඉස්සරහ කිරීමට ඉඩ නොදුන් බව කියා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට සිදුකළ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රියදුරා තමන්ට පොලිස් නිලධාරියා විසින් පහරදුන් බවට පවසා දියතලාව රෝහලට ඇතුලත් වී තිබු බවත් පසුව පොලිසිය විසින් ඔහු අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා මේ මස 18 වනදා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.